
විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් වව්නියාව නගර සභා කණිෂ්ඨ සේවකයන් හතර දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ පිළිබද පශ්චාත් මරණ පරික්ෂණ වව්නියාව මහරෝහලේදී අද සිදු කෙරෙනවා.
වව්නියාව තාන්ඩිකුලම් ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් අසළ පිහිටි අපවිත්‍ර වලක් පිරිසිදු කිරීමට යාමේදීයි මෙම සේවකයින්ට විෂ වායුව ආග්‍රහණය වී ඇත්තේ. ඒ ඊයේ පස්වරුවේයි. පළමුව එක් සේවකයෙකු වලතුල ඇදවැටී තිබෙනවා. ඔහු බේරා ගැනීමට ගිය සේවකයෙකුට එම ඉරණමටම මුහුණ පෑමට සිදුවුණා. ඔවුන් දෙදෙනා බේරා ගැනීමට තවත් දෙදෙනෙකු පැන ඇති අතර හතර දෙනාම වලතුල මිය ගොස් තිබෙනවා. වව්නියාව පොලිසිය මේ පිළිබදව පරික්ෂණ පවත්වනවා.
Post a Comment