
දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය රට තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ නවීකරණය කළ ප්‍රධාන ශාලාව හා පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම් හා රවී කරුණානායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. විද්‍යාලයේ 2017 වසරේ දක්ෂතා දැක් වූ සිසුවියන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණා. ගණිත අංශයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ ජිනලි රන්මා පෙරේරා ශිෂ්‍යාවට විදුහල්පතිනි ජේ සුමේධා ජයවීර අභියෝගතා කුසලානය හා ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ බ්‍රිතාන්‍ය ශාඛාව මගින් මුදල් පරිත්‍යාගයක් ලබාදීමද මෙහිදී සිදු වුණා.
Post a Comment