Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි  

Add comments

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනය වන විට තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ඊයේ දිනයේදීද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගියා.

ලෝක ආර්ථික පරිවර්තනය හමුවේ පසුගිය වසර තුළ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විනිමය අර්බුදයට විසදුම් ලෙස කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට රුපියලේ අගය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.

ජනවාරි මාසය ආරම්භයේදී ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 182 යි ශත 90 ක්ව පැවති අතර මේ වන විට ඇමෙරිකා ඩොලරයක් සදහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 172 යි ශත 82 ක් දක්වා පහළ ගොස් තිබෙනවා. පසුගිය වසර අග භාගයේදී සිදු වූ දේශපාලන  කුමන්ත්‍රණය තුළින් මෙරටට ලැබීමට නියමිතව තිබූ විදෙස් ආධාර නතර වුණා. මේ වන විට එම ආධාර ක්‍රියාවලිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය සමත්ව තිබෙනවා. මේ වනවිට ඩොලරයක විකුණුම් මිල රුපියල් 176යි ශත 66ක්  ලෙසත් ගැනුම් මිල රුපියල් 172 යි ශත 82ක් ලෙසත් සටහන් වනවා. රජය අපනයන දිරිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම , ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීම සහ ආනයන වියදම සීමා කිරීම සදහා ක්‍රියාත්මක කළ වැඩසටහන් රුපියලේ අගය ශක්තිමත් වීමට හේතු වී ඇති බව විද්වතුන් පවසනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG