
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ රසායනික කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා.
ඇමෙරිකාවේ හුස්ටන් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලකයි පිපිරීම සිදුවුණේ. රසායනද්‍රව්‍ය හුවමාරුකරන නලයක ඇතිවූ ගින්නක් පිපිරීමට හේතුවයි.
එම ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. පාසල් ද වසා දැමීමට කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
Post a Comment