
ගඟනගාමීන් සහිත අභ්‍යවකාශ චාරිකා දෙකක් සැලසුම් කරන බව නාසා ආයතනය ප‍්‍රකාශ කළා. 2024 වනවිට සදමතට ගඟනගාමීන් සහිත යානයක් ගොඩබැස්සවීම එක් සැලසුමක්.
2033 වනවිට අඟහරු ග‍්‍රහයා මතට ගඟනගාමියෙකු යැවීමයි අනෙක් සැලසුම. ඒ සදහා මුලික පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඊට කාලවකවානු සකස් කරන බවයි නාසා ආයතනය පවසන්නේ.
මීට පෙර ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් ද ඒ පිලිබද අදහස් පළකළා. අභ්‍යවකාශ රොකට් සහ කක්ෂගත කිරීමේ ක‍්‍රමවේද පිලිබද මුලික අවධානය යොමුවුණා. මුල්‍ය අවශ්‍යතා සපුරාගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බවයි නාසා ආයතනය පවසන්නේ.
Post a Comment