Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මානව හිමිකම් ගැන ඇමති මංගලගෙන් පැහැදිලි කිරීමක්  

Add comments

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අපේක්‍ෂා කරන බොහෝ ඉලක්ක මේ වන විටත් වත්මන් රජය අත්පත්කර ගැනීමට සමත්වී සිටින බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

වින්දිතයින්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම , ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ,ජීවත් වීමේ අයිතිය ආරක්‍ෂා කිරීම ඇතුලු ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය තුළදී ඉදිරියට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මානව හිමිකම් කවුන්සිලයේ 30 එක යෝජනාවෙන් අපේක්‍ෂා කෙරෙන අතුරුදන්වූවන්ගේ කාර්යාලය මේ වන විටත් පිහිටුවීමට රජයට හැකි වී තිබෙනවා. හානි පූර්ණය සඳහා කාර්යාලයක් පිහිටුවීම , සත්‍ය හා සංහිඳියාව සඳහා කොමිසමක් පත් කිරීම ඇතුලු ප්‍රගතිශීලී පියවර කිහිපයක් ගෙන ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසියේදී ශ්‍රී ලංකාවේ රා‍ජ්‍ය තාන්ත්‍රික නිපුණතාව හා පරිණතභාවය ඉතා හොඳින් පෙන්නුම් කෙරෙන බව ද ඒ මහතා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මානව හිමිකම් කවුන්සිලය හා එහි සැසිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බව මංගල සමරවීර මහතා කියාසිටිනවා. වින්දිතයින් සඳහා අවශ්‍ය වන්නේ ජයග්‍රාහකයාගේ සාධාරණත්වය නොවන බව ද නිවේදනයෙහි දැක්වෙනවා. සෑම පුරවැසියෙකුගේම භාෂාව, ආගම හා අනන්‍යතාව ගරු කිරීමේ සමාජයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කෙරෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG