Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ ගිණුම් කාරක සභාවේ දෙවන වාර්තාව පාර්ලිමේන්තුවට  

Add comments

අට වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය සඳහා වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව අද (4) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

මෙම වාර්තාව තුළ නිරීක්ෂණ 21ක් සහ නිර්දේශ 125ක් සඳහන්ව ඇතැයි මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

2018-2-23 දින සිට 2018-10-12 දක්වා කාලය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පවත්වන ලද  විමර්ශන 13ක් හා විශේෂ විමර්ශන 3කට අදාළව එක් එක් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් ඉදිරිපත් කරන  ලද වාචික හා ලිඛිත පැහැදිළි කිරීම්, ඒ සඳහා කාරක සභාව විසින් සිදු කරන ලද නිරීක්ෂණ හා ලබා දෙන ලද  නිර්දේශ ද කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද පොදු නිරීක්ෂණ ද මෙම වාර්තාවේ අන්තර්ගතව පවතී.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG