Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටක් ලෙස ක්‍රීඩාව ආරක්ෂා කළ යුතුයි  

Add comments

රටක් ලෙස ක්‍රීඩාව ආරක්ෂා කළ යුතු යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරය, අද (5) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ අයවැය තෙවැනිවර කියවීමේ විවදයට එක්වෙමිනි

”ක්‍රිකට් ක්‍රීඩකයින් විදෙස් විනිමය අරගෙන එනවා.මෙයින් විශාල විදෙස් විනිමය එන්නේ. අද වනවිට පිටරටට මුදල් යන්න පටන්ගෙන. මුදල් ඇමැතිතුමා මුලික වෙලා ක්‍රිකට් ආයතනයේ මුදල් හැසිරවීම මුදල් අමාත්‍යාංශය යටතට ගන්න. රටක් ලෙස ක්‍රීඩාව ආරක්ෂා කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දඬයම් කිරීම නතර කළ යුතුයි.මම මුදල් වංචා කර තිබෙනවා නම් එළියට ගිහින් කියන්න.මම පස්ස දොරෙන් ආවේ  නෑ. මේ ක්‍රමය ඇතුළේ ක්‍රිකට් ඡන්ද මට දිනන්න බෑ.මට මහ මැතිවරණ දිනන්න පුළුවන්. මේ කාරණා සොයා බලන්න.මේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍යයි. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සූදුවක් හැටියට  කරන එක නවත්වන්න කටයුතු කරන්නැයි අමාත්‍යවරයා පැවසී ය.”

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG