හංගේරියා අගනුවර පිහිටි ඩැනියුබ් ගංගාවේ සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් 19 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.
අධික වර්ෂාව හේතුවෙන් මෙම බෝට්ටුව පෙරළී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. එම අවස්ථාවේ බෝට්ටුවේ සංචාරකයින් 33 දෙනෙකු සිට තිබෙනවා. ඉන් 14 දෙනෙකු ගංගාවට පැන ඇති බව සදහන්. අතුරුදන් වූ 19 දෙනා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඩැනියුබ් ගංගාව එරට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන ස්ථානයක්. මෙම බෝට්ටුවේ ගමන් කළ අයගෙන් දෙදෙනෙක් හංගේරියා ජාතිකයන් වන අතර අනෙක් සියලු දෙනා දකුණු කොරියා ජාතිකයන්.
The post ඩැනියුබ් ගංගාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 07 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment