Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“බුද්ධි අංශ බිඳ වැටී නැහැ” ආරක්ෂක ලේකම්ගෙන් තේරීම් කාරක සභාවේදී සහතිකයක්  

Add comments

අප්‍රේල් 21 වනදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පළමු වරට අද රැස්වුණා. තේරීම් කාරක සභාව මාධ්‍ය සඳහා විවෘත කිරීම විශේෂත්වයක්.

තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙනුයි. ඒ මහතා විදෙස්ගත වී සිටීම හේතුවෙන් අද දිනයේ තේරීම් කාරක සභාවේ සභාපතිත්වය ඉසුලුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතායි. අමාත්‍ය රාජිත සේනාරත්න හා පාර්ලිමේන් මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් යන මහත්වරුන් ද මෙහි සාමාජිකයින් වන අතර ඔවුන් විදේශගත වීම හේතුවෙන් අද දිනයේ තේරීම් කාරක සභාවට සහභාගි වූයේ නැහැ.

කෙසේ වුව ද සෙසු සාමාජිකයින් වන රවී කරුණානායක, රවුෆ් හකීම් යන අමාත්‍යවරුන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නලින්ද ජයතිස්ස, මහාචාර්ය ආශු මාරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙයට සහභාගි වුණා.  ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ජාතික බුද්ධි තොරතුරු අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් අද දිනයේ තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබා දුන්නා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ

ජාතික බුද්ධි තොරතුරු අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්

 

The post “බුද්ධි අංශ බිඳ වැටී නැහැ” ආරක්ෂක ලේකම්ගෙන් තේරීම් කාරක සභාවේදී සහතිකයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG