Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙවර වන්දනා සමයේදී ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂ 10ක් ශ්‍රී‍්‍ර පාද අඩවියේ  

Add comments

මෙවර ශ්‍රී‍්‍ර පාද වන්දනා සමයේදී නල්ලතන්නියේ සිට උඩමළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂ 10 කට ආසන්න ප‍්‍රමාණයක් කසළ බදුන් වලට බැහැර කර තිබූ බව මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව පවසනවා.

ඒවා ප‍්‍රතිචකී‍්‍රකරණය සඳහා යොමු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. මීළඟ ශ්‍රී‍්‍ර පාද වන්දනා වාරයේදී නල්ලතන්නියේ සිට උඩ මළුව දක්වා පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා. එමගින් ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන යාම තහනම් කළ හැකි බවයි මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව සඳහන් කළේ.

අඛණ්ඩව සිදුකළ දැනුවත් කිරීම් හේතුවෙන් මෙවර පරිසර දූෂණය අවම මට්ටමක පවතින බව ද අප වාර්තාකරු ප‍්‍රකාශ කළා. ශ්‍රී‍්‍ර පාද වන්දනා වාරය ලබන 19 වෙනිදායින් අවසන් කිරීමටයි නියමිත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG