Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ වර්ජීනියා ප‍්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 11ක් ජීවිතක්ෂයට  

Add comments

ඇමරිකාවේ වර්ජීනියා ප‍්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

රජයේ ගොඩනැගිල්ලක වෙඩිතැබීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. මියගොස් ඇත්තේ කම්කරුවන් පිරිසක්. වෙඩිතැබීම සිදුකළ සැකකරු ඝාතනය කිරීමට ආරක්ෂක අංශ සමත් වුණා. තුවාල ලැබූ අය අතර පොලිස් නිලධාරීයෙක් ද සිටින බවයි වාර්තා වන්නේ. වෙඩි ප‍්‍රහාරයට හේතුව මෙතෙක් හෙලිව නැහැ.

එය වර්ජීනියා ඉතිහාසයේ සිදුවූ අතිශය වේදනාකාරී සිදුවීමක් බවයි නගරාධිපති රොබට් ඩයර් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් කි‍්‍රයාත්මකයි.

The post ඇමරිකාවේ වර්ජීනියා ප‍්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 11ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG