මෙක්සිකෝවට අයත් පෞද්ගලික ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
ලාස්වේගාස් සිට මොන්ටෙරේ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකුයි මෙලෙස අනතුරට පත්වුණේ. ගුවන් යානය පසුගිය ඉරිදා සිට මෙක්සිකෝ රේඩාර් පද්ධතියෙන් අතුරුදන්වී තිබුණා. පරික්‍ෂණවලින් අනතුරුව ගුවන් යානයේ සුන්බුන් මෙකේසිකෝවේ කදුකර ප්‍රදේශයකින් අද හමුවුණා. එහි ගමන් ගත් සියලු දෙනා ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ගුවන් යානය කඩා වැටීමට හේතුව සොයා මේ වන විටත් පරික්‍ෂණ ආරම්භ වී තිබෙනවා.
Post a Comment