කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ තරුණයන් 4 දෙනෙකුට කොළඹ මහාධිකරණ අද මරණ දඩුවම නියම කළා.
2007 වසරේ දෙසැම්බර් 2 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබුණා. මෙම නඩුවේ එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා නියෝග කළා. සෙසු විත්තිකරුවන් හතර දෙනාටයි මහාධිකරණය මරණ දඩුවම නියම කළේ.
Post a Comment