Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2019 වසරේ මුල් කාර්තුව තුළ ආනයන වියදම් 19.3% කින් අඩු වෙයි  

Add comments

2019 වසරේ පළමු කාර්තුව තුළදී ආනයන වියදම් 19.3% කින් පහළ ගොස් ඇති අතර අපනයන ආදායම 5.6% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ.

මේ නිසා 2018 මුල් කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 2982 ක්ව පැවති වෙළෙද ගිණුමේ හිඟය මේ වසරේ මුල් කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 1661 දක්වා අඩුවී තිබෙන බවත් එහි සදහන්වේ.

වෙළෙද හිගය 2018 මාර්තු මාසයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 871ක් වු අතර 2019 මාර්තු මාසයේ දී එය ඇමරිකානු ඩොලර් මිලියන 592 දක්වා අඩුවී ඇත. පෙර වසරේ මාර්තු මාසයට සාපේක්ෂව අපනයන ආදායම 2.6% කින් වැඩිවීමත් ආනයන වියදම 12.6% කින් කැපීපෙනෙන ලෙස අඩුවීමත් මෙයට හේතුවු බව ශ්‍රි ලංකා මහ බැංකුව 2019 මාර්තු මාසය සදහා නිකුත් කොට ඇති වාර්තාවේ දැක්වේ.

එය සදහන්වන අන්දමට 2019 මාර්තු මාසයේදී මෙරට සංචාරක ඉපයීම් කලින් වසරේ මාර්තු මාසයට වඩා 4.6% කින් වර්ධනය වී ඇත.

2019 මාර්තු මාසයේ දී කොළඹ කොටස් වෙළෙදපොළ කුළින් ශුද්ධ ග‍ෙවීම් වාර්තාවුවද ජාත්‍යන්තර ස්වෛරිත්ව බැදුම්කර නිකුතු මගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක ලැබීම සහ රාජ්‍ය සුරැතුම් පත් වෙළෙදපොළෙන් විදේශිය ආයෝජන ශුද්ධ ලැබීම් හේතුවෙක් මුල්‍ය ගිණුම තවදුරටත් ශක්තිමත් වු බවත් මහ බැංකුව කියයි.

වෙළෙද ගිණුමේ ශේෂය සැළකිය යුතු ලෙස අඩුවීම සහ මුල්‍ය ගිණුම් වෙත වු සැළකියයුතු ලැබීම් හේතුවෙන් 2019 මාර්තු මාසය අවසන් වනවිට ශ්‍රි ලංකා රුපියල ඇමරිකානු ඩොලර්යට සාපේක්ෂව 3.8%කින් අතිප්‍රමාණ වී තිබේ.

මේ අතර 2019 මාර්තු මස අවසන් වනවිට රටෙහි දළ විදේශ විනිමය සංචිතය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක් වු බවත් එය මාස 4 සති 3ක ආනයනයට ප්‍රමාණවත් බවත් මහ බැංකු වර්තාවේ තවදුරටත් දැක්වේ

The post 2019 වසරේ මුල් කාර්තුව තුළ ආනයන වියදම් 19.3% කින් අඩු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG