Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සරත් එන් සිල්වාට එරෙහි පෙත්සම ජුනි 28 වනදා සළකා බැලීමට නියෝග  

Add comments

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකර ඇති පැමිණිල්ල ජුනි මස 28 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළා.

ප්‍රසන්න ජයවර්ධන,  මුර්දු ප්‍රනාන්දු,  ඊ ඒ ජී ඒ අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පැමිණිල්ල කැදවූ අවස්ථාවේ ප්‍රසන්න ජයවර්ධන මහතා පැමිණිල්ල විභාග කිරීමෙන් වැළකී සිටින බව දැනුම් දුන්නා. මෙම පැමිණිල්ලට පාදක වී ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තමා ඇතුළු විනිසුරු මඩුල්ලක් නොවැම්බර් මස 13 වනදා තහනම් නියෝගයක් නිකුත්කර ඇති බැවින් මෙම පැමිණිල්ල විභාග කිරීමට තමන් නුසුදුසු බවට හැගීයන බවයි විනිසුරුවරයා පැවසුවේ.

එබැවින් මෙම නඩුව වෙනත් දිනයක සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබාදුන්නා. මේ අතර අදාළ පැමිණිල්ලට එරෙහිව මූලික විරෝධතා ගොනුකර ඇති බව සරත් එන් සිල්වා මහතා පැවසුවා. පසුගිය දෙසැම්බර් 3 වනදා මරදාන හන්දියේදී ජාතික එකමුතුව සංවිධාන කළ රැළියකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බවටයි මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඇතුළු තුන්දෙනෙකු පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG