Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“තුරුණු දිරිය” යටතේ තරුණ ව්‍යවසායකයින් ලබා ගෙන ඇති ණය මුදල මිලියන 300 ඉක්මවයි  

Add comments

බීඕසී තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මගින් මේ වන විට රුපියල් මිලියන 300කට අධික ව්‍යවසායක ණය ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසනවා.

තරුණ ව්‍යවසායකයින් 730 දෙනෙකු අතරේ මෙම ණය මුදල බෙදී ගොස් තිබෙනවා. වැඩිම ණය ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ සබරගමුව පළාතටයි. එහි ව්‍යවසායකයින් සංඛ්‍යාව 143 ක්. උතුරේ සහ බස්නාහිර පළාත්වල තරුණ ව්‍යවසායකයින් 103 දෙනා බැගින් තුරුණු දිරිය ණය ලබාගෙන තිබෙනවා. දිස්ත්‍රික්ක අතරෙන් වැඩිම ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයයි. මෙම ණය ලාභීන්ගෙන් සියයට හැට එකක් කාන්තා ව්‍යවසායකයින් වීම විශේෂත්වයක්.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG