ඉන්දීය ධීවරයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පාකිස්ථාන වෙරළ ආරක්ෂක බළකාය ප‍්‍රකාශ කළා. ඒ මුහුදු සීමා උල්ලංඝනය කිරිම හේතුවෙන්.
ඔවුන් පැමිණි බෝට්ටු හයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. ජනවාරි මාසයෙන් පසු පළමු වතාවට මෙවැනි ප‍්‍රමාණයක් එකවර අත්අඩංගුවට ගත් බවයි පාකිස්ථානය පවසන්නේ. පසුගිය මාසයේ දී පාකිස්ථාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ධිවරයන් 250 දෙනෙකු නිදහස් කිරිමට බලධාරින් පියවර ගත්තා.
Post a Comment