බෝම්බ පිපිරිම් වලින් මිය ගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ලබාදීම ඉදිරි සති දෙක තුළ අවසන් කරන බව හානි පූර්ණය සඳහා වන කාර්යාලය ප‍්‍රකාශ කළා.
මරණ සහතික නිකුත් කිරිමටත් පියවර ගෙන තිබෙනවා. වන්දි ලබාදීම සඳහා ප‍්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇති බවයි කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා පවසන්නේ.
කොළඹට එල්ල වූ ප‍්‍රහාරයෙන් මිය ගිය 30 දෙනෙකු වෙනුවෙන් ඉදිරි දින දෙක තුළ වන්දි ලබාදෙන බවත් ආනන්ද විජේපාල මහතා ප‍්‍රකාශ කළා.
Post a Comment