Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විමල් ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනීම අගෝස්තු 5  

Add comments

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව අගෝස්තු මස 5 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

මහජනයාට හිරිහැර වන පරිදි සහ රථවාහන වල ධාවනයට බාධා ඇතිවන ලෙස කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධාන කළ බවට චෝදනා කරමිනුයි මෙම නඩුව පවරා තිබෙන්නේ.  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරුගේ පැමිණීමට එරෙහිව 2016 වසරේ පෙබරවාරි මස හයවනදා ජාතික නිදහස් පෙරමුණ මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇති බවට පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. නිසි බලපත්‍ර රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මාර්ගවල රථවාහන ධාවනයට බාධා කරමින් මෙය සංවිධාන කර ඇති බවට පොලිසිය චෝදනා කරනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG