Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි  

Add comments

සම්මාන ලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වුණා.

කෝපිකඩේ ටෙලිනාට්‍ය ආරම්භයේ සිටම ඊට රංගනයෙන් දායක වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය එදා මෙදාතුර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නා. ගැහැණු ළමයි චිත්‍රපටය සදහා වාකිෂ්ඨ මහත්මිය කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබුවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍යය වන දිමුතු මුදු ටෙලිනාට්‍යයේ සිට රෝගාතුර වන තෙක්ම ඇය සිය රංගන කාර්යයෙහි නිරතව සිටියා. මියයන විට 83 වන වියෙහි පසුවූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ස්වාධීන රූපවාහිනියේ විධායක නිලධාරියෙකු මෙන්ම ප්‍රවීණ නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වන ප්‍රාන් වාකිෂ්ඨ මහතාගේ මෑනියන්ද වනවා. ඒ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතයි.

 

 

 

The post ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG