Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් ක්ෂේත‍්‍ර අටකට එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා ණය පහසුකම්  

Add comments

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා යටතේ තවත් ණය යෝජනා ක‍්‍රම අටක් සදහා මූල්‍ය පහසුකම් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ. රන් අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය හරහා කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය නගාසිටුවීම වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමටයි නියමිත. ඒ රුපියල් මිලියන 250 ක උපරිමයක් දක්වා.

දිස්ති‍්‍රක් මට්ටමින් කි‍්‍රයාත්මක පාසල් බස් රථ හිමියන්ගේ සංගම්වල නිර්දේශ මත එහි සාමාජිකයන්ට බස් රථ මිළදි ගැනීම සඳහා රිය ශක්ති ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය ලබාදීම ද තවත් තීරණයක්. හෝම් ස්විට් හෝම් , සිහින මාළිගා, සිටි රයිඩ් , ජය ඉසුර ඇතුළු තවත් ණය යෝජනා ක‍්‍රම කිහිපයක් මගින් ණය ලබාදීම ද පුලුල් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

මිනි ටැක්සි සහ විදුලි ති‍්‍රරෝද රථ ණය යෝජනා ක‍්‍රමය සහ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා කි‍්‍රයාත්මක මගේ අනාගතය ණය යෝජනා ක‍්‍රමය ද ඊට ඇතුලත්. එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා යටතේ පොලී සහන ණය යෝජනා ක‍්‍රම 17 ක් , ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රම තුනක් සහ මූල්‍ය නොවන වැඩසටහන් දෙකක් කි‍්‍රයාත්මක කරන බවයි මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

පොලී සහන ණය යෝජනා ක‍්‍රමය යටතේ පමණක් අනුමත කර ඇති මුදල රුපියල් බිලියන 81 ක්.

The post තවත් ක්ෂේත‍්‍ර අටකට එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා ණය පහසුකම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG