Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

IS සහ සහරාන්ගේ ත්‍රස්තවාදය අවසන්  

Add comments

ශ්‍රී ලංකාවේ අයි එස් අයි එස් හා සහරාන්ගේ ත්‍රස්තවාදය අවසන් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අම්පාර නගරසභා පිටියේ පැවති මෙම උත්සවයට සහභාගී වීමට පෙර අග්‍රාමාත්‍යවරයා අම්පාර නව ආර්ථික මධ්‍යස්ථානය හා පොදු වෙළෙඳසැල් සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මගින් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෘෂි කර්ම නව්‍යකරණ ව්‍යාපෘතියෙන් මේ සඳහා ප්‍රතිපාදන සපයා තිබෙනවා.

අනතුරුව සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වූ අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදය පිළිබඳ කරුණු රැසක් හෙළි කලා. ත්‍රස්තවාදී ක්‍රියා යළි මෙරට ඇති නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා පවතින ක්‍රමවේදයන් ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ද කියා සිටියා. ආරක්ෂක අංශ ඉතා කෙටිකළක් තුළ ත්‍රස්තවාදය මර්දනය කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අමාත්‍ය දයා ගමගේ මහතා සංවිධාන කළ මෙම උත්සවයට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

 

 

 

 

The post IS සහ සහරාන්ගේ ත්‍රස්තවාදය අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG