Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

May 30

සංචාරක පොඩ්ඩන්ට රුපියල් ලක්ෂ පහක පොලී රහිත ණය  

Add comments

සුළු පරිමාණ වශයෙන් සංචාරක කර්මාන්තයේ නිරත පුද්ගලයන්ට පොලී රහිත සහන ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළා. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඔවුන් මුහුණපා තිබෙන අපහසුතා සැලකිල්ලට ගෙන තීරණයට එළඹි බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ.

කුඩා පරිමාණවශයෙන් සංචාරක කර්මාන්තයේ නිරත පුද්ගලයන් විවිධ පාර්ශව වලින් පොලී පදනම මත ණය ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා සදහන් කලා. ඉන් මතුව තිබෙන අවහිරතා මගහරවා ගැනීමට සහන සැලසීමයි මෙම ණය වැඩපිළිවෙලේ අපේක්ෂාව.

වෙසක් තොරණ නිර්මාණ ශිල්පින්ට ද විශේෂ සහනයක් ලබාදිමට තිරණය කළ බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ. එම නිර්මානකරුවන්ට මෙවර වෙසක් උත්සව සමයේදි තොරණ ප‍්‍රදර්ශනය කිරිමට අවහිර මතුවුණා. එබැවින් ඔවුන්ට සාධාරණයක් ඉටුකිරිමට ණය මුදලෙන් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එළිමහන් සංදර්ශන පවත්වන සංගීත කන්ඩායම් වලට ද ගැටලු මතුව ඇති බව මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. එබැවින් ජුලි මස 10 වනදා සිට වසර දෙකක ගෙවීම් කාලයක් යටතේ ණය ආධාර ලබාදිමට සැලසුම් කර තිබෙනවා. එහි පොලි අනුපාතය සියයට 3.4 ක්. ඊට අමතරව ඔවුන් ලබාගෙන තිබු වෙනත් ණය සහ කල්බදු මුදල් ආපසු ගෙවිමේ සහන කාලයක් ලබාදිමට ද සැලසුම් කර තිබෙනවා.

 

The post සංචාරක පොඩ්ඩන්ට රුපියල් ලක්ෂ පහක පොලී රහිත ණය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG