Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රහාර ගැන ආරක්ෂක අංශ ජනපති දැනුවත් කර තිබුණේ නැහැ – ජනපති මාධ්‍ය අංශය  

Add comments

අප්‍රේල් 21 සිදු වීම සිදුවිය හැකි බවට විදේශ මිත්‍ර රටකින් ලබා දී තිබූ කිසිදු තොරතුරක් පිලිබද ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිළධාරියකු ජනාධිපතිතුමා දැනුවත් කිරීමට  පියවර ගෙන නොතිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම සිදු වීම පිලිබද ජනාධිපතිතුමා දැනුවත් කළ බවට පලවන දේශීය හා විදේශීය මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බවයි.

අප්‍රේල් 21 වනදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබදව පරික්ෂා කර බලා වාර්තා කිරීම සදහා පාර්ලිමේන්තුව විසින් පත් කළ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා කළ ප්‍රකාශය ජනාධිපති මාධ්‍ය අංශයේ අවධානයට යොමුව තිබෙනවා. ඒ පිලිබදව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එකී මාධ්‍ය වාර්තා මගින් කියැවෙන්නේ 2019 පෙබරවාරි මාසයෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් නොවූ බවයි. ගෙවී ගිය වසරකට වැඩි කාලයක් ජාතික ආරක්ෂක මණ්ඩලය තුළ සිදුකෙරුණු සාක්ච්ඡා නිල නොවන ලෙස මාධ්‍ය මගින් පල වීමට  පටන් ගැනීම හේතුවෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයට වඩා වෙනස් ව්‍යුහයකින් යුක්ත වූ ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවන්නට කටයුතු කළ බව ජනාධිපති   මාධ්‍ය අංශය පෙන්වා දෙනවා. එම ජාතික ආරක්ෂක කමිටුව පසුගිය කාලය තුළ සති දෙකකට වරක් අඛණ්ඩව රැස්වී තිබූ අතර ඇතැම් අවස්ථාවල ජනාධිපතිතුමා සතියකට වරක්ද එම රැස්වීම කැදවීමට කටයුතු කළ බව අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.

ජනාධිපති  මාධ්‍ය අංශය පවස්න්නේ 2019 අප්‍රේල් 08 වනදා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීම ද ජනාධිපතිතුමා  කැදවා තිබූ බවයි. පැය දෙකකට අධික කාලයක් පැවති එම සාකච්ඡාවේදී හෝ මෙවැනි ත්‍රස්ත සැළැස්මක් පිලිබදව  තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියකු ජනාධිපතිතුමා දැනුවත් කර නොමැති බවද ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා.

 

The post ප්‍රහාර ගැන ආරක්ෂක අංශ ජනපති දැනුවත් කර තිබුණේ නැහැ – ජනපති මාධ්‍ය අංශය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG