Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් ගමන්බලපත්‍ර ගාස්තු ජුනි 01 දා සිට සංශෝධනය කෙරේ  

Add comments

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු 2019 ජුනි මස 01 වැනිදා සිට සංශෝධනය කොට ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පැවසීය.

ඒ අනුව සාමාන්‍ය ගමන් බල පත්‍රයක් නිකුත් කිරිමේ ගාස්තුව රුපියල් 3000 සිට රුපියල් 3500 දක්වා ඉහළ දමා ඇත. එක් දින ගමන් බලපත් සේවාව සදහා දැනට අයකරන රුපියල් 10,000 ගාස්තු රුපියල් 15000 දක්වා ද වයස අවුරුදු 16න් පහළ ළමුන්ගේ ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 2000 සිට රුපියල් 2500 දක්වා ද, එක්දින සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වාද ජුනි 01 දා සිට වැඩි කොට තිබේ.

විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය කිරිම සදහා අයකළ රුපියල් 500 ගාස්තුව රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇත‍.

The post විදෙස් ගමන්බලපත්‍ර ගාස්තු ජුනි 01 දා සිට සංශෝධනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG