Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව මෙක්සිකෝවට නව තීරුබදු ගාස්තු පනවයි  

Add comments

මෙක්සිකෝවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සදහා ඇමෙරිකාව නව තීරුබදු ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් මේ බව ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙලෙස තීරුබදු පැනවීමට තීරණයකර තිබෙන්නේ නීතිවිරෝධී සංක්‍රමණ නතර කිරීමේ අරමුණෙන්. ඒ අනුව ලබන දහවනදා සිට මෙක්සිකෝවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සදහා සියයට පහකින් තීරුබදු ගාස්තු පැනවෙනු ඇති. එමෙන්ම නීතිවිරෝධී ආගමන ගැටලු විසදන තෙක් තීරුබදු ගාස්තු ප්‍රමාණය ඉහළ යාහැකි බවද ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සදහන් වනවා.

මෙක්සිකෝවේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සදහන් කළේ මෙම තීරුබදු පැනවීම විනාශකාරී ක්‍රියාවක් බවයි. එමෙන්ම මෙය ක්‍රියාත්මක වන්නේ නම් තමන් උපක්‍රමශීලීව ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බවද මෙක්සිකෝවේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන ජෙසස් සිඩේ ප්‍රකාශ කරනවා.

 

The post ඇමෙරිකාව මෙක්සිකෝවට නව තීරුබදු ගාස්තු පනවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG