Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝදි අන්තර්ජාලයේ ජනප‍්‍රියම ඉන්දීය දේශපාලනඥයා බවට හෙළිවෙයි  

Add comments

පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව  මෙවර පස්වන අදියරේ ඡන්ද ප‍්‍රකාශය ඉහල මට්ටමක පවතින බව ඉන්දියාව ප‍්‍රකාශ කළා.

2014 වසරේදී එය පැවතුනේ සියයට 61 යි දශම හතයි පහක් ලෙස. එහෙත් මෙවර පස්වන අදියරේ ඡන්ද ප‍්‍රකාශය සියයට 63 යි දශම දෙකයි හයක් ලෙස සටහන්වී තිබෙනවා. ප‍්‍රාන්ත හතේ ඡන්ද මධ්‍යස්ථාන බහුතරයක් පිහිටා තිබෙන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල. ස්ථාන රැසකින් ප‍්‍රචන්ඩ ක‍්‍රියා වාර්තාවී තිබෙනවා. ඒ පිලිබදව අවධානය යොමුකර ඇති බවයි ඉන්දිය මැතිවරණ කොමිසම පවසන්නේ.

මේ අතර අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සම්බන්ධයෙන් අන්තර් ජාල වාර්තාවක් නිකුත් වුණා. අන්තර් ජාලයෙන් වැඩිම පිරිසක් අග‍්‍රාමාත්‍යවරයා පිලිබදව සොයාබලා ඇති බවයි ඉන් හෙළිවුනේ. ඉන්පසුව අවධානය යොමුව තිබෙන්නේ කොංග‍්‍රස් මහලේකම් ප‍්‍රියංකා ගාන්ධි පිලිබදවයි. රාහුල් ගාන්ධි අන්තර් ජාල සෙවීම් අතර හතරවන ස්ථානයට පත්ව ඇති බවයි යාහු වෙබ් අඩවිය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG