යේමනයේ හූති කැරලිකරුවන් දෙසැම්බර් මාසයේදී අත්සන් කළ සටන් විරාම ගිවිසුමට අනුව පළමු ප‍්‍රධාන පියවර තබා ඇති බව එරට වාර්තා සඳහන් කරනවා.
ඒ උපාය මාර්ගිකව වැදගත් වරායකින් තම පිරිස් ඉවත් කරමින්. රජයේ හමුදා සහ කැරලි කණ්ඩායම් යන දෙපාර්ශවයම මෙම වරායෙන් තම භට පිරිස් ඉවත් කරගන්නා බවට ප‍්‍රකාශ කර තිබෙනවා.
බීබීසී වාර්තා සඳහන් කරන්නේ හූති කැරලිකරුවන්ගේ භට පිරිස් එම ස්ථානයෙන් ඉවත් වෙමින් සිටින බවයි.
Post a Comment