Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් කටයුතු සාමාන්‍ය පරිදි – සිසුන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්  

Add comments

පාසල් ආරම්භ කළ ඊයේ දිනට වඩා ළමයින්ගේ පැමිණීම අද දිනයේ සතුටුදාක මට්ටමක පවතින බව විදුහල්පතිවරුන් පවසනවා. පාසල්වල ආරක්ෂාව තහුවරු කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂ අංශ සදහන් කරනවා.

ස්ථාන කිහිපයක එල්ල වූ  ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන දෙවන පාසල් වාරය ආරම්භ කිරීම කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා . ඒ අනුව දෙවන පාසල් වාරය ඊයේ දිනයේදී ආරම්භ වූ අතර 6 ශ්‍රේණීයේ සිට ඉහළ පන්ති පමණක් ආරම්භ කිරීමට පියවර ගැනුණා. පාසල් ආරම්භ කළ ඊයේ දිනට වඩා අද දිනයේ ළමයින්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව විදුහල්පතිවරුන් පවසනවා.

දිවයිනේ සියලුම පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති අතර ඒ පිළිබද දැනුවත් කිරීම්ද සිදු කෙරෙන බවයි ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG