විවිධ ස්ථානවලින් කඩු කිණිසි හමුවීමේ සිද්ධීන්ට අප සියලු දෙනා ද වගකිව යුතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ජාතික ආරක්ෂාව පිළිබද කොළඹ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ මේ බව කියාසිටියා.
ජාතික ආරක්ෂාව පිළිබද සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණේ ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙහි ප්‍රධාන දේශනය සිදුකළ අතර අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සභාපති නීතීඥ සාලිය පීරිස් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
Post a Comment