ලොව විශාලතම මැතිවරණය වන ඉන්දීය මහමැතිවරණය පැවැත්වෙන අතරතුර එරට ප්‍රාන්ත රැසකම අන්තර්ජාල සබදතා අවහිර කර තිබෙනවා. මෙවර මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 900 කට අධික පිරිසක් සුදුසුකම් ලබා ගත්තා.
ඉන්දියාවේ රාජස්ථාන්, බටහිර බෙංගාලය සහ ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත කිහිපයක අන්තර්ජාල සබදතා බිදදමා ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය මස 11 වනදා ආරම්භ කළ ඉන්දීය මහමැතිවරණයේ පළමු අදියරේ සිට මෙසේ අන්තර්ජල සබදතා අවහිර කිරීම සිදු වූ බවයි දිල්ලි මෘදුකාංග සමාගමක් සදහන් කරන්නේ. ඉන්දියාවේ විද්‍යුත් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සදහන් කරන්නේ මෙය එම ප්‍රාන්තවල බලධාරීන් සිදුකරන ක්‍රියාවක් බවයි. එමෙන්ම ඡන්ද පැවැත්වෙන දිනවල නීතිය හා සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් මෙලෙස අන්තර්ජාල සබදතා අවහිර කිරීම සිදු වන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ඇතැම් පිරිස් සදහන් කරන්නේ මෙම සිදුවීම තුළින් එරට ආර්ථිකයටද බලපෑම් එල්ල වන බවයි.
Post a Comment