පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ඊශ‍්‍රායල් මන්තී‍්‍රවරුන් ඡන්දය ප‍්‍රකාශ කළා.රජයක් පිහිටු වීම සඳහා අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවැත් වූ සාකච්ඡා අසාර්ථක වීමයි ඊට හේතුවවී තිබෙන්නේ.
ඒ අනූව සැප්තැම්බර් 17 වනදා නව මැතිවරණයක් පැවැත්විමට සිදුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අප්‍රේල් මාසයේ පැවති මැතිවරණයෙන් බෙන්ජමින් නෙතන්යාහුගේ ලිගුඩ් පක්ෂයට ආසන 35ක් හිමි වුණා. ඊශ‍්‍රායල් පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 120ක්.
The post ඊශ‍්‍රායල් පාර්ලිමේන්තුව විසුරුවා හැරේ appeared first on ITN News.
Post a Comment