උතුරු කොරියාව නව මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියා හමුදා අංශ සදහන් කරනවා.
උතුරුකොරියාවේ පියොංයැං ආසන්නයේ පිහිටා තිබෙන සිනෝ රි ස්ථානයේ සිටයි මෙය අත්හදා බැලීම සිදුකර ඇත්තේ. මේ වනවිට දකුණු කොරියාව සහ ඇමෙරිකා නියෝජිත පිරිසක් න්‍යෂ්ටික අවිආයුධ අත්හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවකයි උතුරු කොරියාව මෙම අත්හදා බැලීම සිදුකර තිබෙන්නේ. ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර පැවති සාකච්ඡා බිද වැටීමෙන් පසු මෙම මිසයිල අත්හදා බැලීම සිදු කෙරුණා.
Post a Comment