Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති රන්වැට ස්වර්ණාලේපිත කොට පූජා කෙරේ  

Add comments

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති රන්වැට ස්වර්ණාලේපිත කොට පූජා කිරීම සිදු කෙරුණා.

ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා ඉදි කර ඇති රන්වැට හා ආධාරක ආරක්ෂිත කණු ස්වර්ණාලේපිත කර පූජා කිරිම මල්වතු මහාවිහාරයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින්වහන්සේගේ  අනුශාසකත්වයෙන් සිදු කෙරුණා.

ජයශ්‍රී මහා බෝධින්වහන්සේ වටා ඇති බෝධිප්‍රකාරය හා පියගැටපෙළ සංවර්ධනය කර පූජා කිරිමද මෙහිදි සිදු කෙරුණා. අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස ස්වාමින්වහන්සේ ප්‍රධාන මහසංඝරත්නයද විශාල පිරිසක්ද  මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG