Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය සදහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව සූදානම්  

Add comments

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි යන අයට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි විමර්ශනය සදහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතයි. ඔහුට එරෙහිව අද දිනයේ ද කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

තම පළමු දරු උපතේ දී මෙම වෛද්‍යවරයා කළ සිසේරියන් සැත්කමෙන් පසු දරුවන් නොලැබුණු බව පවසමින් මව්වරුන් විශාල පිරිසක් මේ වනවිට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. කුරුණෑගල , දඹුල්ල යන රෝහල්වලට මෙන්ම එම පොලීසිවලට ද පැමිණිලි ඉදිරිපත් කෙරුණා. එම පැමිණිලි සම්බන්ධයෙනුයි පරීක්ෂණ සිදුකෙරෙන්නේ. ඒ පිළිබද සොයාබැලීම සදහා සය පුද්ගල කමිටුවක් ද පත්කෙරුණා. එහි සභාපතිවරයා වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතායි. මේ පිලිබද මූලික විමර්ශනයක් පවත්වා නිරීක්ෂණ හා නිර්දේශ සහිත වාර්තාවක් සතියක් ඇතුළත ද සම්පූර්ණ විමර්ශන වාර්තාවක්  මාසයක් ඇතුළතද ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය කමිටුවට දැනුම් දී තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

 

The post ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය සදහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG