මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගුවන් හමුදාව විසින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ බවත් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ගුවන් හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති මහතා විශේෂ ප්‍රකශයක් කරමින් සඳහන් කරයි.
තවදුරටත් අඳහස් දැක්වූ ගුවන් හමුදාපතිවරයා,
” අප්‍රේල් 21 සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව ගුවන් හමුදාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගත්තා. මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගුවන් හමුදාව විසින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කළා. මෙවැනි අවස්ථාවක මඟීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.ගුවන් හමුදාව ගුවන් තොටුපලේ ආරක්ෂාව දැඩි කොට තිබෙනවා.
ගුවනෙන් වියහැකි ඕනැම තර්ජනයකට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. කටකතාවලට හසුවෙන්න එපා. ගුවන් හමුදාව පැත්තෙන් සියලු ආරක්ෂාව සඳහා සෑම පියවරක්ම ගෙන තිබෙනවා. සෝදිසි මෙහෙයුම් කටයුතු සිදු කළා.රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ගුවන් හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.”
Post a Comment