Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව හුංගම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමක දී ගංජා කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා නිලධාරීන් සහ පට්ටියපොල පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් එක්වයි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළේ. එහිදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 56 සහ 31 යන වයස්වල පසුවන හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

 

 

 

The post ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG