ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සංචාරයකට එක්වුණා.
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඉරාකයේ මෙම සංචාරය සදහා සහභාගී වුණේ ජර්මනියේ බර්ලින් නුවර සංචාරය අවලංගු කරමින්. මෙහිදී මයික් පොම්පියෝ ඉරාක රාජ්‍ය නායකයින් සමග පැය 4 ක කාලයක් සාකච්ඡාවක නිරත වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරාකය ස්වාධීන ජාතියක් බවට පත් කිරීමට සූදානම් බව මයික් පොම්පියෝ ප්‍රකාශ කළා. ඉරානයේ බලශක්ති ගණුදෙනු සදහා ඇමෙරිකාවේ සහාය ලබාදීම පිළිබදවද මෙහිදී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා සදහන් කර තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.
Post a Comment