Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජගත් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්  

Add comments

ජගත් සංවිධානය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ උතුරු කොරියාව ආයුධ අත්හදාබැලීම හේතුවෙන්. එමඟින් කලාපයේ අයහපත් වාතාවරණය තවදුරටත් වර්ධනය විය හැකි බවයි ජගත් සංවිධානය පවසන්නේ.

ක‍්‍රමෝපායික ආයුධ අත්හදා බැලූ බවයි උතුරු කොරියාව සඳහන් කළේ. මිසයිල වැඩසටහන් හේතුවෙන් ඔවුන්ට 2017 වසරේ සිට අන්තර්ජාතික සම්බාධක පැනවී තිබෙනවා. කෙසේ වෙතත් උතුරු කොරියාවේ ක‍්‍රියාකාරකම් නතර වී නොමැති බවයි ජගත් සංවිධාන මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් පවසන්නේ. සාමකාමීව සහ සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසදා ගැනීමයි මුලික අවශ්‍යතාව. ඒ සඳහා උතුරු කොරියාවට අඛණ්ඩව බලපෑම් කළයුතු බවත් ජගත් සංවිධානය පෙන්වා දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG