අම්පාර මරදමුණේ ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී ලැප්ටොප් පරිගණක ඇතුලු උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව වැටලීම සිදු කළා. මෙම මෙහෙයුමේදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම්ගේ හා විදේශ පුද්ගලයෙකුගේ දේශන ඇතුළත් ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන තිබෙනවා. රුපියල් ලක්‍ෂ 50 ක් එකවර ස්ථාවර තැන්පතුවක දැමූ රිසිට් පත්, බැංකු පොත් හා ගමන් බලපත්‍ර ද සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළා. මරදමුණේ ඇතුලු එම අවට ප්‍රදේශවල අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා.
Post a Comment