ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපලේදී සොයා ගැනුණා.
පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි පරික්ෂාව සිදු කෙරුණේ. චෙන්නායි සිට මෙරටට පැමිණී මගියෙකුගේ ගමන් බෑගයේ ව්‍යාජ පතුලක් තුල සගවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණා. සැකකරුවකු ද අත්අඩංගුවට ගත් අතර ඔහු මාබෝල වත්තල ප්‍රදේශයේ පදිංචි මොහොමස් හසාන් මොහොමඩ් අක්‍රම් නමැති පුද්ගලයා බවයි පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය ප්‍රකාශ කළේ. ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post a Comment