Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානයේ පල්ලියක් අසල බෝම්බ පිපිරීමක්  

Add comments

පාකිස්ථානයේ ලාහෝර් නුවර ඉස්ලාමීය පල්ලියක් ඉදිරිපිට බෝම්බ ප්‍රහාරයක් සිදු වුණා. නැගෙනහිර පාකිස්ථානයේ දෙවන විශාලතම නගරය ලෙස සැලකෙන ලාහෝර් නගරයේ ඩේටා දාර්බර් ඉස්ලාමීය පල්ලිය ඉදිරිපිටයි බෝම්බය පුපුරා ගොස් තිබෙන්නේ.

ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25 ක් බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ. 8 දෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. පල්ලියේ ආරක්ෂාවට පිහිටුවා ඇති ජංගම මුරපලක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වී ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. මේ වන විට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකුත් වගකීම භාරගෙන නැහැ. 2010 වසරේ දී ද මෙම දේවස්ථානායට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG