Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසා දමා තිබූ දෙමෝදර රෝහල අද යළි විවෘත කෙරේ  

Add comments

මසකට අධික කාලයක් තිස්සේ වසා දමා තිබූ දෙමෝදර රෝහල රෝගී සත්කාර කටයුතු සදහා අද(09) යළි විවෘත කෙරුණා. මෙම රෝහල තාවකාලිකව වසා දැමුණේ පසුගිය අප්‍රේල් පළමු වනදායි.

දෙමෝදර ප්‍රාදේශීය රෝහල මැදින් නිවාස කිහිපයකට ගමන් කළ හැකි ආකාරයේ මාර්ගයක් තැනීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උත්සාහ කිරීමත් සමග ඇතිවූ තත්ත්වය හේතුවෙනුයි දෙමෝදර රෝහල තාවකාලිකව වසා දැමුණේ. බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට හා වෛද්‍ය නිලධාරීන්ට මහ ඇමතිවරයා බැන තර්ජනය කළ බවට ද චෝදනා එල්ලවුණා.

මෙම තත්ත්වය හමුවේ අවසානයේ සිදුවූයේ රෝහල තාවකාලිකව වසා දැමීමයි. කෙසේ වෙතත් ගම්වැසියන් කිහිප දෙනෙකු බදුල්ල  අධිකරණයේ මේ පිළිබද ගොනුකළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය දැනුම් දුන්නේ රෝහල යළි විවෘත කිරීමේ හැකියාවක් පවතී ද යන්න පිළිබදව කරුණු දක්වන ලෙසයි.

ඒ අනුව  මහජන සේවය සදහා රෝහල අද(09) සිට යළි  විවෘත කිරීමට බදුල්ල දිස්ත්‍රික් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කළා. වෛද්‍යවරුන් සෙසු කාර්ය මණ්ඩලය හා ගම්වාසීන් එක්ව රෝහල් ශ්‍රවණාගාරයේදී සාකච්ඡාවක් ද පැවැත්වුවා.  රෝහල සම්බන්ධ සිද්ධියේදී නිවැරදිව වාර්තාකරණයේ යෙදුනු අප වාර්තාකරුට විවිධ තර්ජනවලට මුහුණ පෑමට ද සිදුවුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG