කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාරය එල්ලකල බෝම්බකරුගේ සහෝදරයා ඇතුළු රැදවුම් නියෝග මත සිටින සැකකරුවන් තුන්දෙනෙකු ලබන 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කළා.
රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියයි මෙම නියෝගය ලබා දුන්නේ. ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් දින අනූවක රැදවුම් නියෝග මත සැකකරුවන් රදවාගෙන ප්‍රශ්න කරන බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ලකළ සැකකරු පිළිබද නිශ්චිත හදුනාගැනීම සදහා ඩී එන් ඒ වාර්තා කැදවා ඇති බවද රහස් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
Post a Comment