කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකළ බෝම්බකරු වන අලව්දීන් අහමඩ් මුවාස් යන අයගේ සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරිය අත්අඩංගුවට ගෙන ඇති බව රහස් පොලිසිය, අධිකරණයට අද දැනුම් දුන්නා.
රැදවුම් නියෝග මත තම භාරයේ සිටින ඔවුන් ලබන 23 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත දැනුම් දුන්නා. දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකළ බෝම්බකරු එම ස්ථානයට පැමිණ ඇත්තේ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලකළ පුද්ගලයාට අයත් වාහනයකින් බව හෙළිවී ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා. ප්‍රහාරයට පසුදා දේවස්ථානය ආසන්නයේදී පුපුරුවා හැරි වාහනයෙන් ඔහු එසේ පැමිණ ඇති බව සීසීටීවී දර්ශනවලින් අනාවරණය වූ බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ. එම වාහනයේ කොටස් රජයේ රස පරික්ෂක වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළා.
Post a Comment