අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට පත් යාත්‍රාවක සිටි ධීවරයන් දස දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත්වුණා.
හික්කඩුව ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති මෙම යාත්‍රාව අනතුරට ලක්වී ඇති බවට තොරතුරු ලද සැනින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව එහි සිටි ධීවරයන් බේරා ගැනීමට කටයුතු කළා. එම ධීවරයන් ගාල්ල ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසුව ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමටයි කටයුතු කෙරුණේ.





Post a Comment