තැරණයන් 11ක් පැහැරගැනීමේ සිද්ධියට බන්ධනාගාරගතව සිටි නාවික හමුදා නිලධාරියා දැඩි ඇප කොන්දේසි මත මුදාහරී
කොළඹ දී තැරණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදා නිලධාරි සංජිව ප‍්‍රභාත් සේනාරත්න දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණයේදි නඩුව අද (14) විභාගයට ගත් අවස්ථාවේ.
සැකකරු රුපියල් ලක්ෂ එකහමාරක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂදහය බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටයි කොළඹ මහාධිකරණය නියෝග කළේ. ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරිමට ද මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා නියම කළා. ඇප තැබීමෙන් පසු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිමෙන් වළකින ලෙසට තරයේ අවවාද කළ මහාධිකරණ විනිසුරුවරයා සැකකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණ භාරයේ තබන ලෙසටද නියම කර තිබෙනවා.
The post තැරණයන් 11ක් පැහැරගැනීමේ සිද්ධියට බන්ධනාගාරගතව සිටි නාවික හමුදා නිලධාරියා දැඩි ඇප කොන්දේසි මත මුදාහරී appeared first on ITN News.
Post a Comment