හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 116ක් රැගෙන ආ සැකකරුවන් 17 දෙනා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතායි නියෝගය අද (14) ලබාදුන්නෙ.
ඉරානයට අයත් බහුදින ධීවර යාත‍්‍රාවකින් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට පත්වුනේ දකුනු මුහුදු තීරයේදි. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින්. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලය මගින් පරිගණක දත්ත විශ්ලේෂණ වාර්තා දහසකට වැඩි ප‍්‍රමාණයක් විමර්ශනය කළ යුතු බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නා.
එම ප‍්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසයි කොටුව මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.
The post හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 116ක් රැගෙන ආ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.
Post a Comment