Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නඩුවට නව විනිසුරුමඩුල්ලක්  

Add comments

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව පවරා ඇති නඩුව නව විනිසුරුමඩුල්ලක් හමුවේ විභාග කිරිමට අභියාචනාධිකරණය අද (14) දින නියම කළා.

අධිකරණයට අපහාස කිරිමයි ඔහුට එරෙහි චෝදනාව. ඒ අනුව මෙම පෙත්සම ජූනි 21 වනදා කැඳවන්නේ ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන විනිසුරුවරුන් ප‍්‍රමුඛ ද්විපුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ. අධිකරණය හමුවේ ඇති කරුණු අනුව අධිකරණයට අපහාස කිරිමේ චෝදනා මත පාදෙණිය මහතාට එරෙහිව කටයුතු කළ හැකි බවට අභියාචනාධිකරණය මීට පෙර තීන්දු කළා.

පාදෙණිය මහතා විසින් අධිකරණයට අපහාස වන ආකාරයට ප‍්‍රකාශ නිකුත් කිරිම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කිරිමටයි පියවර ගත්තෙ. පෙත්සම් ගොනුකළේ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා සහ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා විසින්.

The post වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නඩුවට නව විනිසුරුමඩුල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG